Sunday, 26 September 2021
කාබුල් අගනුවර කාර් බෝම්බ ප්‍රහාරයක්

කාබුල් අගනුවර කාර් බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර විදේශීය හමුදා රථ පෙළක් ඉලක්ක කර පුපුරුවා හරින ලද කාර් බෝම්බයකින් තුන් දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයන් අතර තරුණියන් දෙදෙනෙකුද සිටින බව පැවසේ.

කාබුල් ගුවන් තොටුපල ආසන්නයේ සිදු කළ එම මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විදේශිකයන් තුන් දෙනෙකු ඇතුළු තවත් විසි දෙනෙකු පමණ බරපතළ තුවාල ලැබ තිබේ.

කාබුල් ගුවන් තොටුපලට ඇතුළු විය හැකි මෙම මාර්ගය භාවිතා කරන්නේ විදේශීය හමුදා පමණක් බව පැවසේ.

මීට දින තුනකට පෙර කාබුල් අගනුවරදී තුවක්කු කරුවකු විසින් පුද්ගලයන් දාහතර දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ අතර ඉන් නම දෙනෙකු විදේශිකයන් බව වාර්තාවේ.

(බිබිසි සංදේශය)