Wednesday, 23 May 2018
නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ ‘ඇෆ්ගන් ගර්ල්’ අත්අඩංගුවට

නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ ‘ඇෆ්ගන් ගර්ල්’ අත්අඩංගුවට

නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ පළ වූ ඡායාරූපය හේතුවෙන් ලොව පුරා ප්‍රසිද්ධ වූ ඇෆ්ගන් කාන්තාව, පකිස්තානයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ශර්බාට් ගුලා නම් ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ හැඳුනුම්පත් ලියවිලි තබාගැනීමේ චෝදනා යටතේය.

විදෙස් වාර්තා වලට අනුව ඇය, ශර්බාට් බීබී නමින් 014 අප්‍රේල් මාසයේදී මෙම හැඳුනුම්පත අයැදුම් කර තිබේ.

මෙම චෝදනා ඔප්පු වුවහොත් ඇයට වසර 14ක සිරදඬුවමක් ලැබිය හැකි බව විදෙස් වාර්තා වල දැක්වේ.

ව්‍යාජ හැඳුනුම්පත් වලට එරෙහිව පකිස්තානය විසින් මේ වන විට දැඩි පියවර ගනිමින් සිටියි.

ශර්බාට් ගුලා වසර 1985 දී නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ ‘ද ඇෆ්ගන් ගර්ල්’ යන ඡායාරූපය හේතුවෙන් ප්‍රසිද්ධ විය. එය නැෂනල් ජියෝග්‍රැෆික් සඟරා ඉතිහාසයේ පළවූ ජනප්‍රියතම සඟරා මුල්පිටුවක් බවට පත්විය.

වයඹ දිග පකිස්තානයේ සරණාගත කඳවුරකදී ස්ටීව් මැක්කරී නම් ඡායාරූප ශිල්පියා ගේ කැමරා කාචයට මේ අයුරින් හසුවන විට ශර්බාට් දොලොස් වියේ පසුවූවාය.

මැක්කරී විසින් වසර 2002 දී ද ගුලා ව සොයාගිය අතර, ඒ වන විට ඇය, සිය සැමියා හා දියණියන් තිදෙනෙකු සමග ඇෆ්ගන් ගම්මානයක ජීවත් වූවාය.

-ශානි-

Last modified on Friday, 28 October 2016 08:02