Sunday, 23 September 2018
සීකා මඩින්න බැක්ටීරියා පිහිට පතයි

සීකා මඩින්න බැක්ටීරියා පිහිට පතයි

බ්‍රසීලයේ හා කොලොම්බියාවේ ප්‍රදේශ ගණනාවක බැක්ටීරියා එන්නත් කරනු ලැබූ මදුරුවන් මිලියන ගණනක් පරිසරයට එක්කිරීමට විද්‍යාඥයන් සූදානම් වේ.

වොල්බාකියා නම් මෙම බැක්ටීරියාව විසින් මිනිසුන්ට රෝග බෝකිරීමේ හැකියාව මදුරුවන් තුළ අඩු වන බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත්, විද්‍යාඥයන් පවසන්නේ වොල්බාකියා බැක්ටීරියාව මිනිසුන්ට හානිදායක නොවන බවයි.

සීකා, ඩෙංගු, චිකුන්ගුන්යා වැනි රෝග බෝකරන ඊඩිස් ඊජිප්ටි නම් මදුරුවා ට මෙම බැක්ටීරියාවෙන් මුලින් බලපෑමක් නොතිබුණු නමුත්, මේ වන විට එම බැක්ටීරියාව ඔවුන්ට එන්නත් කරන ක්‍රමයක් සොයාගෙන ඇතැයි විද්‍යාඥයන් වැඩිදුරටත් පවසයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 18ක මෙම ව්‍යාපතීකය සඳහා ජාත්‍යන්තර දානපතියන් රැසක් එක්වී ඇතැයි පැවසේ. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය හා ලතින් ඇමෙරිකානු රටවල් වල රජයන් විසින් ද මේ සඳහා මූල්‍ය දායකත්වය සපයා තිබේ.

මෙම ව්‍යාපෘතිය ලබන වසරේ මුල දී ආරම්භ වීමට නියමිතය.

-ශානි-

Last modified on Friday, 28 October 2016 08:01