Wednesday, 17 October 2018
මුත්‍රා ප්‍රශ්ණෙන් දිරන ලොව උසම පල්ලිය

මුත්‍රා ප්‍රශ්ණෙන් දිරන ලොව උසම පල්ලිය

ලොව උසම පල්ලියට හිමිකම් කියන ජර්මනියේ උල්ම් නගරය මේ දින වල දරුණු ගැටළුවකට මුහුණදී තිබේ. එම ගැටළුව මුත්‍රා ප්‍රශ්ණයකි.

ගොතික් සම්ප්‍රදායට අනුව නිම වූ මෙම පුරාණ ගොඩනැගිල්ලට අල්ලා මුත්‍රා කිරීම හේතුවෙන් හමන අධික දුර්ඝන්ධය හා සෞඛ්‍ය ගැටළු වලට අමතරව තවත් ගැටළුවක් මතුව තිබේ.

මුත්‍රා වල අඩංගු අම්ල හා ලුණු මගින් මෙම ගොඩනැගිල්ලේ ගලින් නිම කළ පහත ප්‍රදේශය දිරාපත් වෙමින් යාම මෙම ගැටළුවයි.

මෙම තත්ත්වය මගහරවා ගැනීමට උල්ම් නගරය විසින් පල්ලියට මුත්‍රා කරන පුද්ගලයන් හට නියම කරන දඩය දෙගුණ කර තිබේ. මේ වන විට යූරෝ සියයක දඩයක් නියම කර තිබුණ ද මෙම ගැටළුවට විසඳුමක් නොලැබී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

මේ වන විට ලොව උසම පල්ලිය උල්ම් පල්ලිය වුවත්, ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ සගරාදා ෆමීලියා පල්ලිය 2026 දී නිමවූ පසුව එය ලොව උසම පල්ලිය වනු ඇත.

- ශානි -

Last modified on Wednesday, 26 October 2016 07:52