Wednesday, 17 October 2018
කෑම කෑවත් කාලෙ කන්න බැරි අවන්හල

කෑම කෑවත් කාලෙ කන්න බැරි අවන්හල

මේ වන විට මෙරට බාල මහලු සියල්ලන් අතරම ජනප්‍රිය වී අවසන් කැෆේ අවන්හල් අතරින් කෑම බීම සියල්ල නොමිලේ ලැබෙන කැෆේ අවන්හලක් පිළිබඳව පැවසුවොත් එය විහිළුවක් යැයි බොහෝ දෙනා සිතනු ඇත.

කෙසේ වෙතත්, එවැනි අවන්හලක් බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නගරයේ ආරම්භ කර තිබේ.

මෙම අවන්හලේ නම සීෆර්බ්ලැට් (Ziferblat) ය. රුසියානු බසින් එහි තේරුම වන්නේ ඔරලෝසු මුහුණතයි.

මෙහි වෙත පැමිණෙන්නන් ගෙන් මුදල් අයකරනුයේ ඔවුන් ආහාරයට ගන්නා දේ අනුව නොව ඔවුන් අවන්හලේ රැඳී සිටින කාලය අනුවයි.

සීෆර්බ්ලැට් අවන්හල වෙත පැමිණෙන පාරිභෝගිකයන් මුලින්ම කළ යුත්තේ නවාතැන් ගන්නා හෝටලයකදී මෙන් තමන් අවන්හලට පැමිණි වේලාව සටහන් කිරීමයි. එතැන් පටන් එක් පුද්ගලයෙකුගෙන් විනාඩියකට පැන්ස 6ක් අයකරනු ලැබේ.

අවන්හල තුළ වයි-ෆයි භාවිතා කරමින් සිය වැඩකටයුතු සිදුකරගන්නා පුද්ගලයන් අතර සීෆර්බ්ලැට් ජනප්‍රිය බව විදෙස් වාර්තා දැක්වේ.

බීබීසී ලෝක සේවය වාර්තා කරන අන්දමට මෙම අවන්හලට මාසයකට පාරිභෝගිකයන් 10,000ක් පමණ පැමිණේ.

සීෆර්බ්ලැට් අවන්හල පිළිබඳව අදහස් දක්වමින් එහි අයිතිකරු - කොලින් ෂෙන්ටන් පවසන්නේ පාරිභෝගිකයෙකු විසින් මෙහි දීර්ඝතම කාලයක් රැඳී සිටි අවස්ථාව පැය 11ක් බවයි.

අඩු වියදමකින් කඩිමුඩියේ ආහාර ගෙන දිවයන පාරිභෝගියන් ද සිටින බවත් එහි කිසිඳු ගැටළුවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

මෙම අවන්හල පිළිබඳ වීඩියෝව පහතින් නරඹන්න :


Media

Last modified on Tuesday, 25 October 2016 14:55