Sunday, 23 September 2018
ෆොටෝ එකෙන් නෙට් එකේ හොට් වුන තේ වෙළෙන්දා

ෆොටෝ එකෙන් නෙට් එකේ හොට් වුන තේ වෙළෙන්දා

එක් අහඹු ඡායාරූපයකින් කඩවසම් තේ සාදන්නෙකුගේ මුළු ජීවිතයම වෙනස් වූ පුවතක් පකිස්තානයෙන් වාර්තා වේ.

දහඅට හැවිරිදි අර්ෂාඩ් ඛාන්, මෙලෙස ජවේරියා අලී නම් ඡායාරූප ශිලිපිණයකගේ කැමරා කාචයට හසුවූයේ ඉස්ලාමාබාද් නුවර ඉරිදා බසාර් එක තුළ තේ අලෙවිකරමින් සිටියදීය.

අලී මෙනෙවිය මෙම ඡායාරූපය සිය ඉන්ස්ටර්ග්‍රෑම් වෙබ් අඩවියට එක්කර තිබුණේ ‘හොට් ටී’ යන ශීර්ෂය සමගිනි.

අර්ෂාඩ් ගේ තියුණු‍ බැල්ම හා කඩවසම් පෙනුම අන්තර්ජාලයේ දසදහස් ගණනකගේ අවධානයට ලක්වූ අතර, ඉහත ඡායාරූපය බොහෝවරක් share වී තිබුණි.

මේ සමග Fitin.pk නම් ඉස්ලාමාබාද් හි ඇඳුම් අලෙවිකරණ වෙබ්අඩවියක් විසින් මොහුව සිය ආයතනයේ මෝස්තර නිරූපණ ශිල්පියෙකු ලෙස ද බඳවාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් පකිස්තානයේ එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්සේවය ඔහුගේ අදහස් විමසා ඇති අතර, සිය ප්‍රසිද්ධිය පිළිබඳව සතුටු වන බව අර්ෂාඩ් පවසා ඇත.

Last modified on Friday, 21 October 2016 08:51