Saturday, 23 June 2018
ගෙඹි මරණ 10,000ක් ගැන පරීක්ෂණ

ගෙඹි මරණ 10,000ක් ගැන පරීක්ෂණ

පීරු රාජ්‍යයේ සිදුවූ කොආටා නදිය ප්‍රදේශයෙන් හමුවූ මියගිය ගෙම්බන් 10,000ක් පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව එරට පරිසර ඒජන්සිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තෙත් වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින ගෙඹි විශේෂයක් වන ටිටිකාකා දිය ගෙම්බන් ය (Titicaca Water Frog).

මේ සම්බන්ධයෙන් විරෝධය නගන ක්‍රියාකාරීන් පවසන්නේ කොආටා නදියේ පවතින පරිසර දූෂණ තත්ත්වය හේතුවෙන් මෙලෙස ගෙම්බන් මියගොස් ඇති බවයි.

කෙසේවෙතත්, මෙම පරිසර ව්‍යසනය සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට බලධාරීන් අසමත් වී සිටින බව මෙම ක්‍රියාකාරීන් කියයි.