Saturday, 23 June 2018
ඓතිහාසික කොලොම්බියානු සාම ගිවිසුම අත්සන් කරයි

ඓතිහාසික කොලොම්බියානු සාම ගිවිසුම අත්සන් කරයි

වසර 52ක සටන් අවසන් කරමින් කොලොම්බියානු රජය හා ෆාක් ගරිල්ලා සටන්කාමීන් විසින් ඓතිහාසික සාම ගිවිසුමකට අත්සන් තබා ඇත.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වන බැන් කී මූන් මහතා ඇතුළු අමුත්තන් රැසක් සහභාගී වූ අතර, සාමය සංකේතවත් කිරීම සඳහා ඔවුහු සියල්ලම සුදුවතින් සැරසී සිටියහ.

මෙම ගිවිසුම අත්සන් කිරීමට කොලොම්බියානු ජනාධිපතිවරයා හා ෆාක් නායකයා භාවතා කර ඇත්තේ වෙඩි උණ්ඩයකින් සාදනු ලැබූ පෑනකි.

මෙහිදී අදහස් දක්වමින් කොලොම්බියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ එක් යුද්ධයක් අවසන් වීම හේතුවෙන් මුළු ලෝකයම මෙම අවස්ථාව සමරන බවයි.

මෙම ගැටුම් වලින් අගතියට පත් සියල්ලන්ගෙන්ම සමාව අයැද සිටින බවත්, ෆාක් කණ්ඩායම සාමාකාමී දේශපාලනයට පිවිසෙන බවත් ෆාක් නාටකයා පවසා තිබේ.

දශක 5ක් පුරාවට පැවති මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 220,000ක් මියගොස් තවත් මිලියන 07ක් පමණ අවතැන් වී තිබේ.

සබැඳි පුවත් :

කොලොම්බියාවේ ඓතිහාසික සටන් විරාම ගිවිසුමක්