Sunday, 26 September 2021
කාශ්මීරයේ ප්‍රදේශ රැසක ඇඳිරි නීතිය ඉවතට

කාශ්මීරයේ ප්‍රදේශ රැසක ඇඳිරි නීතිය ඉවතට

ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රදේශ රැසක දින මසකට අධික කාලයක් පුරා පැවති ඇඳිරි නීතිය ඉවත් කර ඇති බව වාර්තා වේ.

ජූලි 09 වැනිදා සිට මුස්ලිම්වරුන් බහුල කාශ්මීර මිටියාවතේ පැතිර ගිය ප්‍රචණ්ඩත්වය හමුවේ බලධාරීන් විසින් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

මේ අනුව, එහි දින 50තට අධික කාලයක් පුරාවට ඇඳිරි නීතිය පැවතිණි.

ඉන්දියානු හමුදාව සමඟ සිදු වූ වෙඩි හුවමාරුව කදී ජනප්‍රිය කැරැළි නායක බුර්හාන් වානි මිය යාමත් සමඟ පසුගිය ජූලි 09 දා සිට වර්ධනය වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිසා වැඩි වශයෙන් තරුණයන් ඇතුලුව 60 දෙනෙකුට වැඩි පිරිසක් මරු මුවට පත් වූහ.

මෙම ගැටුම් හේතුවෙන් තුවාල ලැබූවන් සංඛ්‍යාව දහස් ගණනක් බවද විදෙස් වාර්තා වල දැක්වේ.