Wednesday, 20 October 2021
‘සිරියානු සිරගෙවල් වල 18,000ක් පමණ මියගිහින්’

‘සිරියානු සිරගෙවල් වල 18,000ක් පමණ මියගිහින්’

වසර 2011 - 2015 අතර කාලය තුළදී සිරියානු රජය විසින් පවත්වාගෙන යන සිරගෙවල් තුළ පුද්ගලයන් 17,723ක් පමණ මියගොස් ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පවසයි.
වධහිංසාවට ලක්වූවන් 65 දෙනෙකු හා සම්මුඛ සාකච්ඡා පවත්වමින් සකස් කර ඇති "It breaks the human": Torture, disease and death in Syria's prisons නම් මෙම වාර්තාව අද (18) දිනයේදී නිකුත්වී තිබේ.

මෙම වාර්තාවට අනුව දිනකට දසදෙනෙකු පමණ මෙම සිරගෙවල් වල මියගොස් තිබේ.

මෙම සිරකරුවන් දරුණු පහරදීම් හා දූෂණය කිරීම් වලට ලක්කරන බව සඳහන් කරන ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, මෙලෙස වධහිංසාවට ලක්කිරීම අවසන් කරන මෙන් සිරියානු රජයට බලකරන මෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.