Monday, 09 December 2019
තායිලන්ත බෝම්බ ප්‍රහාර වලට සැකපිට දෙදෙනෙක් අල්ලයි

තායිලන්ත බෝම්බ ප්‍රහාර වලට සැකපිට දෙදෙනෙක් අල්ලයි

තායිලන්තය තුළ ජීවිත හතරක් බිලි ගනිමින් සිදුවූ බෝම්බ ප්‍රහාරවලට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට එරට පොලිසිය පවසා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ දක්වා මෙවැනි බෝම්බ පිපිරීම් 10කට වැඩි ප්‍රමාණයක් එරටින් වාර්තා වී තිබේ.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින්වත් භාර නොගත්තද මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව එය ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාර බවට ඉඟි පළවී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

වත්මන් වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන චම්පක රාමනායක ලබන සැප්තැම්බර් මාසයේ සිට බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු පුහුණු තනතුර භාර ගැනීමට නියමිතව තිබෙන බව මේ අතර වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් දැනුවත්ව නොමැති බවයි පැවසෙන්නේ.

චම්පක රාමනායක අද දිනයේත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන ලබන අතර ඕස්ට්‍රේලියානු කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අවසන් වූ වහාම එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දෙනු ඇති බවයි කණ්ඩායමේ ආරංචි මාර්ග පවසන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ චම්පක අතර පවතින කොන්ත්‍රාත්තුව ලබන 2017 වසරේ ජූලි මස දක්‌වා ක්‍රියාත්මකව පවතින නමුත් එම ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ අයිතිය ඔහුගේ අභිමතය පරිදි ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආරංචි මාර්ග සඳහන් කළා.

සබැඳි පුවත්

තායිලන්තයේ බෝම්බ වැලක්

Last modified on Saturday, 13 August 2016 14:31