Saturday, 22 September 2018
නටන රොබෝවරුන් ගෙන් ලෝක වාර්තාවක්

නටන රොබෝවරුන් ගෙන් ලෝක වාර්තාවක්

පිරිසිදුකරණ කටයුතු, වෛද්‍ය සේවා කටයුතු, නිෂ්පාදන කටයුතු වැනි විවිධ කර්තව්‍යයන් වල නිරත වන රොබෝවරුන් පසුගියදා නව ගිනස් වාර්තාවක් ද තැබීමට සමත් වී තිබේ.

ඒ, රොබෝවරුන් වැඩිම ප්‍රමාණයක් එකවර නර්තනයේ යෙදීමේ ගිනස් වාර්තාවයි.

ෂැංඩොං හි පිහිටි ක්වින්ග්ඩාඕ බීර උළෙලේ දී රොබෝවරුන් 1007ක් නර්තනයේ යෙදෙමින් මෙම වාර්තාව තබා ඇත.

මෙම වාර්තාව මීට කලින් පිහිටුවා තිබුනේ මෙම වසරේ පෙබරවාරි මාසයේදීය. ඒ, රොබෝවරුන් 540ක් යොදාගෙනයි.

කෙසේ වෙතත්, සංවිධායකයන් විසින් මුලින් වැඩකටයුතු යොදා තිබුනේ රොබෝවරුන් 1040ක් යොදාගෙන මෙම වාර්තාව පිහිටවීමටයි.

කෙසේවෙතත්, ඇතැම් රොබෝවරුන් ගේ ඇතිවුණු තාක්ෂණික ගැටළු හා නර්තනය අතරතුර බිම වැටීම හේතුවෙන් මෙම සංඛ්‍යාව 1007 දක්වා අඩුවී ඇත.

ක්වින්ග්ඩාඕ හි පිහිටි ඉලෙක්ට්‍රොනික් සමාගමක් වන එවර් වින් නම් සමාගමක් විසින් නිපදවා ඇති මෙම රොබෝවරුන් ගේ නර්තනය පහත දැක්වේ.