Wednesday, 20 October 2021
පළමුවරට තෝකියෝවට ආණ්ඩුකාරවරියක්

පළමුවරට තෝකියෝවට ආණ්ඩුකාරවරියක්

ජපානයේ හිටපු ආරක්ෂක ඇමතිනි යුරිකො කොයිකෙ තෝකියෝ අගනුවර ආණ්ඩුකාරවරිය ලෙස පත්වී තිබේ.

ඇය, මෙම ධූරයට පත් වූ පළමු කාන්තාවයි.

ඉරිදා දින පැවති ඡන්දයේදී ඇයට පක්ෂව මිලියන 2.9කට වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිවිය.

කිසිදින නොහිතු නොවිරූ තෝක්යෝ අගනුවරක් කරා යාමට නායකත්වය ලබාදෙන බව ඇය පවසා සිටියි.

යුරිකො, ජපාන අගමැති ෂින්සො අබේ අගමැතිවරයාගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකාවකි.

Last modified on Tuesday, 02 August 2016 08:35