Wednesday, 20 October 2021
‘මෙලොව යුද වාතාවරණයක්’

‘මෙලොව යුද වාතාවරණයක්’

මෙලොව යුද වාතාවරණයක් ඇතිව තිබෙන බවට පසුගිය කාලය තුළදී යුරෝපය පුරා පැතිර ගිය ජිහාඩ් ප්‍රහාර වලින් ඔප්පු වන බව අතිපූජ්‍ය ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවසා සිටියි.

කෙසේ වෙතත්,තමා යුද්ධය යන වචනයෙන් අර්ථ ගැන්වූයේ ආගම් අතර යුද්ධයක් නොව මුදල්, සම්පත් හා ලැදිකම් සම්බන්ධ ගැටුම් බව පාප්වහන්සේ විස්තර කරයි.

පාප්තුමා මෙලෙස පවසා තිබුනේ, ජිහාඩ්වාදීන් විසින් පසුගියදා ප්‍රංශයේ පල්ලියක පියතුමෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

“අපට නිතර ඇසෙන වචනය අනාරක්ෂිතභාවය වුවත් ඇත්ත වචනය යුද්ධයයි. ඇත්ත කියන්න අප බය වෙන්න ඕන නෑ. ලෝකයේ යුද්ධයක් ඇතිවෙලා තිබෙන්නේ එහි සාමය නැති වෙලා නිසයි.”

“යුද්ධය යන වචනයෙන් මං කියන්නේ මුදල්, සම්පත් හා ලැදිකම් සම්බන්ධ ගැටුම් ගැන… ආගම් අතර යුද්ධයක් නෙමෙයි… හැම ආගමකටම අවශ්‍ය සාමය… එහෙම නොවෙන්නෙ අනිත් අයට…,” යැයි පාප්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.

Last modified on Friday, 29 July 2016 07:52