Wednesday, 20 October 2021
ඇමෙරිකානු ජනපති සටනට හිලරි එක්වෙයි

ඇමෙරිකානු ජනපති සටනට හිලරි එක්වෙයි

ඇමෙරිකාවේ ඩෙමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරිය ලෙස හිලරි ක්ලින්ටන් නිල වශයෙන් පත් වී තිබේ.

මේ බව ෆිලඩෙල්ෆියා වල පැවත ඩෙමොක්‍රටික් පක්ෂයේ ජාතික සමුළුවේ දී නිවේදනය කෙරුණි.

පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරිය ලෙස පත්වීම ඉතා ගෞරවයක් කොට සලකන බව හිලරි පවසා තිබේ.

මෙය, ඇමෙරිකාවේ ප්‍රධාන පක්ෂයකින් ජනාධිපති අපේක්ෂකවරියක් පත්වූ පළමු අවස්ථාව බව විදෙස් වාර්තා වල දැක්වේ.

මීට කලින්, පක්ෂ අපේක්ෂකත්වය සඳහා පැවති තරගයේදී ඇගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ බර්නි සැන්ඩර්ස් ද, ඇමෙරිකාවේ ජනපති ආර්යා - මිෂෙල් ඔබාමා ද, හිලරි ගේ ස්වාමිපුරුෂයා වන හිටපු ජනපති බිල් ක්ලින්ටන් ද හිලරි ට සහය දක්වා තිබුණි.

හිලරි, ඩෙමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂකවරිය වෙයි

මීට දින කිහිපයකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්විය.

සබැඳි පුවත් :

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකයා වෙයි

Last modified on Thursday, 28 July 2016 08:16