Wednesday, 20 October 2021
සෝලාර් ඉම්පල්ස් හි ලොව වටා ගමන නිමයි

සෝලාර් ඉම්පල්ස් හි ලොව වටා ගමන නිමයි

සූර්ය බල ශක්තිය යොදා ගනිමින් ගමන් කරන සෝලාර් ඉම්පල්ස් (Solar Impulse) සිය ලොව වටා සංචාරය නිමා කර ඇතැයි වාර්තා වේ.

ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි නුවරට ගමන් කිරීමත් සමග මෙම සංචාරය අවසන් වී තිබේ.

සෝලාර් ඉම්පල්ස් හි ලොව වටා සංචාරය අබුඩාබි සිට ඇරඹුනේ පසුගිය වසරේ මාර්තු 09 දා ය.

එතැන් පටන් පියවර 17කින් මහද්වීප 4ක්, මුහුදවල් 3ක් හා සාගර 2ක් ඔස්සේ මෙම යානය ගමන් කර තිබේ.

මෙම යානය මාරුවෙන් මාරුවට පදවනු ලැබුවේ බර්ට්රන්ඩ් පිකාඩ් හා ආන්ද්‍රේ බෝර්ෂ්බර්ග් විසිනි.

ඔවුන්ට වරකට නිදා ගැනීමට හැකිවූයේ මිනිත්තු විස්සක් පමණකි.

පසුගිය වසරේදී මෙම ගමන නිමා කිරීමට ඔවුන් බලාපොරොත්තුව සිටියද උතුරු අර්ධද්වීපයේ අයහපත් කාලගුණය හේතුවෙන් එම ගමන ප්‍රමාද විය.

කාර් රථයකට සමාන බරකින් යුත් මෙම යානයේ සූර්ය කෝෂ දාහත් දහසකින් බලගන්වා තිබුණි.

සබැඳි පුවත් :

නින්ද විනාඩි 20ට සීමාවූ ගුවන් නියමුවා (ඡායාරූප)

Last modified on Tuesday, 26 July 2016 11:55