Wednesday, 20 October 2021
ජර්මනියේ වෙඩි තැබීම : ලාංකිකයන් ගැන විමර්ශන

ජර්මනියේ වෙඩි තැබීම : ලාංකිකයන් ගැන විමර්ශන

ජර්මනියේ මියුනික් නුවර ඊයේ (22) සිදුවූ වෙඩි තැබීමෙන් ශ‍්‍රී ලාංකිකයින් කිසිවෙකුට හෝ හානි සිදුවී නැතැයි වාර්තා වුවද රාජ්‍ය තාන්ත‍්‍රික සේවා මගින් එහි තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ප‍්‍රහාරය සඳහා සන්නද්ධ පුද්ගලයින් තුන්දෙනෙකු පැමිණි බවට මුලින් වාර්තා වුව ද මාධ්‍ය හමුවක් පවත්වමින් මියුනික් පොලිස් ප‍්‍රධානියා කියා සිටියේ මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ එක් තුවක්කුකරුවෙකු බවට දැන් හෙළි වී තිබෙන බවයි.

ඔහු ද වෙඩි තබාගෙන මියගොස් ඇතැයි මියුනික් පොලිස් ප‍්‍රධානියා කියා සිටියි.

මෙම තුවක්කුකරු 18වන වියේ පසුවූ ජර්මන් ඉරාන ද්විත්ව පුරවැසියෙකු බව විමර්ශනවලින් හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත් ප‍්‍රහාරයට හේතුව තවමත් අපහැදිලි බව මියුනික් පොලිස් ප‍්‍රධානියා පවසයි.

Last modified on Monday, 25 July 2016 08:36