Sunday, 26 September 2021
ඉක්වදෝර භූ කම්පනය : පුද්ගල හානි දෙගුණ වෙයි

ඉක්වදෝර භූ කම්පනය : පුද්ගල හානි දෙගුණ වෙයි

ඉක්වදෝරයට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 413 තෙක් ඉහළ ගොස් ඇති බවත් මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට දශක කිහිපයකට පසු ඇති වූ දරුණුතම භූ කම්පනය වන මෙයින් 2500 දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වනවිට හඳුනා ගෙන තිබේ.

රිච්ටර් මාපාංක 7.8 ක් ලෙස සඳහන් වූ මෙම භූ කම්පනය පසුගිය සෙනසුරාදා හටගත්තේය.

ඉක්වදෝර ජනාධිපති රෆායෙල් කොරෙයා වඩාත් හානි සිදුවූ ප්‍රදේශයට ගමන් කළ අවස්ථාවක හානි වූ ප්‍රදේශ යථා තත්වයට පත් කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වැයවනු ඇති බව පවසා තිබේ.

 

Last modified on Wednesday, 20 April 2016 08:46