Wednesday, 20 October 2021
මත් උවදුර මඩින්න, නටන චීන ආච්චිලා

මත් උවදුර මඩින්න, නටන චීන ආච්චිලා

චීනයේ දකුණු දිගට වන්නට පිහිටා ඇති Guangzhou නගරයේ වෙසෙන මැදි වියේ පසුවන විශ්‍රාමලත් කාන්තාවන් එම ප්‍රදේශයේ මත් උවදුර මැඩලීමට එක්වී තිබේ.

'නටන ආච්චිලා' (dancing grannies) ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටින ඔවුන් පොදු ස්ථාන වල නර්තනයේ යෙ‌ෙදයි.

චීන භාෂාවෙන් ඔවුන් දාමාස් (damas) ලෙස හඳුන්වන අතර පසුගිය ජනවාරි මාසයේ සිට කාන්තාවන් 100ක් පමණ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය මැඩලීමට ක්‍රියාත්මක කරන වැඩසටහනක් සඳහා බඳවා ගෙන තිබේ.

එම වැඩසටහන යටතේ ඔවුන් ගෙයින් ගෙට යමින් පත්‍රිකා බෙදමින් මත්ද්‍රව්‍ය භාවිතයේ භයානකත්වය පිළිබඳව ජනතාව දැනුවත් කරයි.

කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව දැඩි විරෝධයක් දක්වන නිසා මත් උවදුර මැඩලීමේ පණිවිඩය ගෙන යාමට ඔවුන් වඩාත් සුදුසු බව මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් පවසයි.


Media

Last modified on Friday, 01 April 2016 09:00