Sunday, 26 September 2021
ද. කොරියාවටත් සීකා ඇවිත්

ද. කොරියාවටත් සීකා ඇවිත්

දකුණු කොරියාව එරට ප්‍රථම සීකා රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

බ්‍රසීලයේ සිට පැමිණි 43 හැවිරිදි පුද්ගලයෙකුට එම රෝගය වැළඳී ඇති බව හඳුනාගෙන ඇති අතර රෝගියාට ග්වන්ජු නගරයේදී ප්‍රතිකාර කරන බව පැවසේ.

අදාළ රෝගියාව නිරෝධායනය කර ඇති අතර සුව වීමෙන් පසු ඔහුගේ හැසිරීම පිළිබඳ අදාළ නිලධාරීන් අවධානයෙන් සිටින බවද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වනවිට ආසියාවේ රටවල් කිහිපයකින් සීකා රෝගීන් හඳුනාගෙන තිබේ.

පෙබරවාරි මස ආරම්භයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සීකා වෛරසය ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර කළේය.

සීකා රෝගය ගැබිණි මවකට වැළඳුන හොත් දරුවා ලඝු ශීර්ෂතාව (හිස් කබල සාපේක්ෂව කුඩා) සහිතව උපත ලැබීමට ඇති හැකියාව එහි භයානකම තත්වයයි.

සබැඳි පුවත්

සීකා නිසා තවත් ලෙඩක්

සීකා ඇතත් රියෝ ඔලිම්පික් ආරක්ෂිතයි

අඹු සැමි ඇසුරෙනුත් සීකා බෝවෙයි?

සංචාරවලදී සිකා ගැන විමසිලිමත් වන්න

ඩෙංගු මදුරුවා‌ගෙන් තවත් ලෙඩක්

Last modified on Wednesday, 23 March 2016 08:02