Wednesday, 20 October 2021
තාලිබාන් නායකයෙක් ඇතුළු 50ක් මරුට

තාලිබාන් නායකයෙක් ඇතුළු 50ක් මරුට

හෙල්මන්ඩ් පළාතේ පිහිටි සංගින් දිස්ත්‍රික්කයේ බලය නැවත ලබා ගැනීමේ උත්සාහයක නිරත වී සිටින ඇෆ්ගනිස්තාන ආණ්ඩුවේ හමුදා, තාලිබාන් කැරලිකරුවන්ට එරෙහිව දරුණු සටනක යෙදී සිටිති.

ඇෆ්ගනිස්තාන ආණ්ඩුවේ හමුදා වෙත සහාය ලබා දෙමින් ඇමරිකානු ප්‍රහාරක යානා ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කොට තිබේ.

ආණ්ඩුවේ හමුදා විසින් සංගින් දිස්ත්‍රික්කයේ බලය යළි ලබා ගෙන ඇති බව හෙල්මන්ඩ් පළාතේ ආණ්ඩුකාර ඛාන් රහිමී කියා සිටින නමුත් එහි තවමත් සටන් පවතින බව වෙනත් වාර්තාවලින් පැවසේ.

තාලිබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන මුල්ලා නසීර් ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පනස් දෙනකු මරා දැමූ බව ඇෆ්ගන් ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

මුල්ලා නසීර්, තාලිබාන් සංවිධානයේ ප්‍රධානී මුල්ලා අක්තාර් මන්සූර්ගේ ඉතාමත් විශ්වාසවන්ත සගයෙකි.

(බිබිසි සංදේශය)