Wednesday, 28 October 2020
ලොව ප්‍රථම වැලි හෝටලය (වීඩියෝ)

ලොව ප්‍රථම වැලි හෝටලය (වීඩියෝ) Featured

කුඩා කාලයේ සෑදු වැලි මාළිගයක් තුල රැයක් ගත කිරීම කෙසේවේවිදැයි සිතූ අයට එම අත්දැකීම සැබැවින්ම විඳ ගැනීමේ අවස්ථාවක් ග්ලෝබල් පව්වව් උත්සව සංවිධායකයින් විසින් සලසා තිබේ.

එහෙත් මේ අත්දැකීම විඳගැනීමට හැකි වන්නේ ඕලන්ද වැසියන්ට හෝ ඕලන්දයේ සංචාරයක නිරත වන්නන්ට පමණයි.

ලොව ප්‍රථම වැලි හෝටල් ලෙස හඳුනාගෙන ඇති මෙම අපූරු හෝටල් දෙක නෙදර්ලන්තයේ ඔස් සහ ස්නීක් නැමති නගර දෙකෙහි පිහිටා තිබේ.

මෙම හෝටල් දෙකෙන් එකක් ජනප්‍රිය ෆ්ලින්ස්ටෝන් කාටූනයේ එන නිවාස ආකාරයට සකස් කර ඇති අතර අනෙක චීන තේමාවක් අනුව නිර්මාණය කර තිබේ.

සියළු සැප පහසුකම් සහිතව ක්‍රියාත්මක වන මෙම අපූරු හෝටල් නිර්මාණය කිරීමට ග්ලෝබල් පව්වව් සංවිධායකයින්ට ගත වී ඇත්තේ සති 4ක් පමණයි.

නවාතැන් කරුවන්ගේ ආරක්ෂාව සඳහා තුනී සිමෙන්තියෙන් තැනූ බිත්ති ඇතුලතින් සහ පිටතින් වැලි වලින් ආවරණය කර ඇති අතර අනෙකුත් ගෘහ භාණ්ඩ සමාන්‍ය අමුද්‍රව්‍ය වලින් නිමවා තිබේ.

ඔස් සහ ස්නීක් නගර වල පැවැත්වෙන සැණකෙළියක් අරමුණු කරගනිමින් මෙම හෝටල් දෙක නිර්මාණය කර ඇති හෙයින් ඒවා ක්‍රියාත්මක වන්නේ සුළු කාලයකට පමණයි.

එහි එක් රාත්‍රියක් ගත කිරීම සඳහා වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් 168ක් වන අතර මේ වනවිට සියළුම කාමර වෙන්කර අවසන් බව වාර්තා වේ.


Media

Last modified on Thursday, 08 October 2015 17:03