Sunday, 20 October 2019
ලංකාවේ ක්‍රීඩාවේ අගයන් බිඳවැටිලා

ලංකාවේ ක්‍රීඩාවේ අගයන් බිඳවැටිලා Featured

සැමෝවා හී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ඇගයීමේ උත්සවයක් පසුගියදා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධානත්වයෙන් පවත්වා ඇති අතර එම ක්‍රීඩක කණ්ඩායමේ කළමණාකාරිය වන අනෝමා රත්නායක මහත්මියට ඒ සඳහා ආරාධනාවක් ලැබි නැති බව 'ශ්‍රී ලංකාමිරර්' වෙත වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කළ විමසුමකදී අනෝමා රත්නායක මහත්මිය පවසා සිටියේ මෙම උපහර උළේළ සඳහා ඇයට ආරාධනාවක් නොලැබුණ බව ද ඒ සම්බන්ධයෙන් තමා කණගාටු නොවන බවයි.

ධෛර්ය බිඳ වැටිලා

මෙම ක්‍රීඩා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා පිලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අටක් ඇතුලත්වූ අතර එයින් හය දෙනෙකුම පදක්කම් දිනා ගැනීමට සමත් වු බවත් ‍මෙම ඇගයීම් උළේල සඳහා පදක්කම් දිනා ගැනීමට අසමත්වූ දෙදෙනා සඳහා ද කිසිඳු අරාධනාවක් සිදු කර නොමැති බව ඇය පැවසීය.

මේවැනි වෙනස්කම් සිදුවීම් තුළින් තරුණ ක්‍රීඩක, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ධෛර්ය බිඳ වැටෙන බවද ලංකාවේ ක්‍රීඩාව තුළ පවතින අගයන්ගේ බරපතල බිඳ වැටිම් පවතින බවද ඇය ප්‍රකාශ කර සිටියාය.

මැරතන් කරූ

1964 දී ටෝකියෝ හි පැවැති සමර් ඔලිම්පික් තරඟයට සහභාගීවු රණතුංග කරුණානන්ද මහතා එදා ජයග්‍රාහණය නොකළද අවසානය දක්වා තරඟ වැදීමෙන් කළ වික්‍රමය අපගේ බලධාරීන්ට නොපෙනුනද ජපානයේ 5 ශ්‍රේණියේ පෙළ පොතේ පළමුවැනි පාඩමේ සඳහන්වන්නේ කරුණානන්ද මහතා ගැන බවද ඇය පැවසීය.

මෙසේ ජපානය ඔවුන්ගේ අනාගත පරපුරට ක්‍රීඩාවෙන් දිරිගන්වන්නට ශ්‍රී ලංකීකයකුගේ කතාවකින් වුවද එවැනි දෙයක අගය බොහෝ ක්‍රීඩා බලධාරීන්ට වටහාගත නොහැකි බවද ඇය වැඩිදුරටත් පවසුවාය.

පවුල් අධිකාරයක්

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ බර ඉසිලීම් ක්ෂේත්‍රයේ විශාල පවුල් අධිකාරයක් පවත්වා ගෙන යන පවුලක සාමාජිකයකු වන පුහුණුකරුවකුගේ ක්‍රියාවක් සම්බන්දයෙන් කළමනාකාරි විසින් ජාතික ඔලිම්පික් කමිටුවට ද වාර්තාවක් ලබා දී ඇතැයිද මේ තත්ත්වය නිසා ක්‍රීඩා අමාත්‍යවරයා සහභාගිවන උත්සවයට කළමනාකාරිය ලෙස විශාල සේවයක් කළ ඇය නොකැඳවීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ උත්සවය සංවිධානය කරන්නට භාර වූ පිරිස් කටයුතු කර ඇති බවට ද ශ්‍රී ලංකාමිරර් වෙත වාර්තා විය.

12011149 10207278924715220 8343224782526349164 n

 

Last modified on Wednesday, 07 October 2015 10:32