Tuesday, 24 October 2017
“බව්වා” කෙල්ලෙකුට බුරලා හපාකන්න හදලා !

“බව්වා” කෙල්ලෙකුට බුරලා හපාකන්න හදලා ! Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පන්දු රැකීමේ පුහුණුකරු වන නුවන් සෙනවිරත්න නොහොත් “බව්වා” මහතා ආර්. ප්‍රේමදාස පිටියේ දුරකථන ක්‍රියාකාරිණියට බැණවැදී තර්ජනය කිරීමේ පුවතක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඔහු අදාල තැනැත්තියගේ කොලරයෙන් අල්ලා ඇයව බිත්තියකට හේත්තුකොට බිත්තියට පහරදී ඇයව බියවද්දා ඇතැයි පැවසේ.

අතවරයට ලක්වූ කාන්තාව සිය රැකියාව නැතිවෙතැයි යන බිය නිසා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ට පැමිණිලිකර නැතැයි ද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

නුවන් මෙසේ අසංවරව හැසුරුණු පළමු අවස්ථාව මෙය නොවන අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ පිලේ පුහුණුකරුවන රොමේෂ් කළුවිතාරණටද බැනවැදී තර්ජනය කිරීමක් සම්බන්ධයෙන්ද තොරතුරු අප විසින් “කළුට “බව්වා” කොන්ද කඩන බව කියලා !” යන සිරස්තලය යටතේ මීට පෙර වාර්තා කළේය.

කළුගේ පැමිණිල්ල හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් නුවන්ව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පන්දු රකින්නන්ගේ පුහුණුකරු ධූරයෙන් ඉවත්කර ඒ වෙනුවට උපුල් චන්දන නම්කර තිබූ අතර කෙසේවුවද මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ඉල්ලීමකට අනුව දිනදෙකකට පසුව නැවතත් නුවන්ව අදාල තනතුරට පත්කර ඇති බවද මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්
කළුට “බව්වා” කොන්ද කඩන බව කියලා !

 

Last modified on Wednesday, 07 October 2015 10:32