Saturday, 14 December 2019
ලොව ලොකුම ගුවන් කරණම් ආකෘතිය (වීඩියෝ)

ලොව ලොකුම ගුවන් කරණම් ආකෘතිය (වීඩියෝ)

ලෝක වාර්තාවක් බිඳ හෙළීමට ගුවන් කරණම් ශිල්පීන් 200ට අධික පිරිසක් පසුගිය අඟහරුවාදා එක්ව තිබේ.

මෙලෙස බිඳහෙලා ඇත්තේ විශාලතම ගුවන් කරණම් ආකෘතිය සඳහා වූ වාර්තාවයි( largest sequential skydiving formation). එකවර ගුවන් කරණම් ගසන්නන් පිරිසක් විසින් එකිනෙකා අල්ලා ගනිමින් විවිධ හැඩැති ආකෘති ගුවනේ නිර්මාණය කිරීම sequential skydiving හි අරමුණයි.

අඩි 7000ක් ඉහළ ගුවනේ සිට ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රදේශයට ඉහළින් නිර්මාණය කර ඇති එම අකෘතිය නිර්මාණය කිරීම සඳහා ගුවන් කරණම් ශිල්පීන් 202 එක්ව තිබේ.

ඇමෙරිකාව, රුසියාව, බ්‍රසීලය , ඉතාලිය , ප්‍රංශය සහ ජර්මනිය යන රටවල පළ පුරුදු ගුවන් කරණම් ශිල්පීන් ඒ සඳහා සහභාගී වී තිබේ.

මෙම වාර්තාවෙන් අනතුරුව තවත් වාර්තා කිහිපයක් පිහිටුවීමට ඔවුන් සූදානම් වන බව වාර්තා වන අතර මෙම සතියේදී ඔවුන් කණ්ඩායම් 3ක් වශයෙන් අකෘති 3ක් නිර්මාණය කිරීමට සූදානම් වන බව පැවසේ.

මීට පෙර විශාලතම ගුවන් කරණම් ආකෘතිය සඳහා වූ වාර්තාව පිහිටුවා ඇත්තේ ගුවන් කරණම් ශිල්පීන් 122කගේ සහභාගීත්වයෙනි.


Media

Last modified on Monday, 05 October 2015 10:37