Sunday, 20 October 2019
වාස් යළි ක්‍රිකට් පිටියට !

වාස් යළි ක්‍රිකට් පිටියට ! Featured

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිම වේගපන්දු යවන්නන් අතරින් කෙනෙකු වන චමින්ද වාස් සැහැල්ලු පන්දු පිටියට පිවිසීමේ පුවතක් වත්තල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඔහු මෙසේ සැහැල්ලු පන්දු පිටියට පිවිස ඇත්තේ නායකකන්ද මීසමේ දේවස්ථානයට අයත් සමිති සමාගම් අතර පැවති ක්‍රිකට් තරගය අතරතුය.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි චමින්ද වාස් ප්‍රදර්ශන තරගයක් අතරතුර එක් පන්දු වාරයක් යවනු ලැබීය.

නායකකන්ද මීසම යනු චමින්ද වාස්ගේ උපන් ගම හා මීසම වේ.

නායකකන්ද දේවස්ථානයට අයත් ICC ක්‍රීඩාපිටිය චමින්ද වාස් ක්‍රිකට් ක්‍රීඩාවේ මුලකුරු ඉගෙනගත් පිට්ටනිය වේ.

නැවතත් වසර ගණනාවකට පසු සිය කුඩා කළ මතකය අවධි කරමින් තමාගේ කුඩා කළ සිට එකට සිටි මිතුරන් හා එක්ව මෙහිදී වාස් එක් පන්දුවාරයක් යවමින්ද, පන්දුවට පහර දෙමින්ද ක්‍රීඩා කළේය.

එහිදී වාස්ට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වූ අතර, පන්දුවට පහරදීමේදී වාස් විසින් හයේ පහර දෙකක් හා හතරේ පහර දෙකක්ද, තවත් ලකුණු දෙකක් සදහා පැති මාරු කිරීමක්ද සිදු කරනු ලැබීය.

සිය කුඩා විය මිතුරන්ගේ උනුසුම් සිප වැළදගැනීම් මැද වාස් තරගය නිමවා පිටියෙන් ඉවතට පැමීණ, තරගාවලියේ ඉදිරි තරග නරඹන ලදි.

වාස් ක්‍රීඩා කිරීමට පෙර ධාරානිපාත වර්ෂාවකින් පිටිය තෙත බරිත වුවද මඩ සහිත පිටිය සංවිධායකයින් විසින් ඉක්මනින් වියලා යථා තත්වයට පත් කරන ලදී.

කඩුලු අතර දිවීමේදී මඩ සහිත තන තිල්ලේ වාස් කිහිප වරක්ම ලිස්සා ගියත් ඔහු දිගටම එය නොතකා ක්‍රීඩා කිරීම පැමිණ සිටි සියළුදෙනාගේ ප්‍රශංසාවට හේතු විය.

සටහන හා ඡායාරූප - තිළිණ අලහකෝන්

Vas01 600px 15 09 24

Last modified on Friday, 25 September 2015 09:18