Tuesday, 24 October 2017
කළුට “බව්වා” කොන්ද කඩන බව කියලා !

කළුට “බව්වා” කොන්ද කඩන බව කියලා ! Featured

ශ්‍රී ලංකා “ඒ” පිලේ ප්‍රධාන පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතා විසින් ඒ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පවත්වන ලද විශේෂ පුහුණු සැසියකට බලහත්කාරයෙන් ඇතුළුවූ ශ්‍රී ලංකා පිලේ පන්දු රකින්නන්ගේ පුහුණුකරු නුවන් සෙනවිරත්න (බව්වා) මහතා කළුවිතාරණට බැනවැදී තර්ජනය කර ඇතැයි “ ශ්‍රී ලංකා මිරර්” වෙත වාර්තා වේ.

තමාගේ කොන්ද කඩා දමන බවට ද නුවන් තර්ජනය කළැයි කළුවිතාරණ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට පැමිණිලි කර ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එවැනි කාරණාවක් සම්බන්ධයෙන් තමා දැනගත්තේද අපි ඒ ගැන විමසූ විට බවයි.

එසේම එවැන්නක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවද කී ඈෂ්ලි මහතා කෙසේවුවද එය අභ්‍යන්තර කාරණාවක් බවත් එවැනි කාරණා සම්බන්ධයෙන් මාධ්‍යට තොරතුරු ලබා නොදෙන බවද ඔහු කියා සිටියේය.

ඈෂ්ලි මහතා මෙසේද කීය.


Media

Last modified on Wednesday, 23 September 2015 12:19