Sunday, 20 October 2019
මහානාම වෙනුවට රිචර්ඩ්සන්

මහානාම වෙනුවට රිචර්ඩ්සන්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) අධි ශ්‍රේණි තරග තීරකවරයකු ලෙස කටයුතු කරන රොෂාන් මහානාම එම තනතුරෙන් විශ්‍රාම යන බව ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එම පුරප්පාඩුව සඳහා බටහිර ඉන්දීය කොදෙව්හි හිටපු නායකයෙක් වන රිචී රිචර්ඩ්සන් පත්කර ඇත.

කෙසේ වෙතත් වර්තමාන බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුවා ලෙස කටයුතු කරන බැවින් ලබන වසරේ මුල් කාලය තෙක් රිචර්ඩ්සන්ට නව තරග තීරක තනතුර භාරගැනීමට නොහැකි බවද පැවැසේ.

මහානාම මෙම වසර අවසානයේ තම තනතුරින් ඉවත් වන බව අයි.සී.සී. යට දන්වා ඇති අතර, තරග තීරකවරයකු ලෙස කටයුතු කළ හිටපු කොදෙව් නායක ක්ලයිඩ් ලොයිඩ් 2007 වසරේදී එම තනතුරින් ඉවත් වූ දා සිට තරග තීරක තනතුරකට පත්වූ ප්‍රථම කොදෙව් ජාතිකයා වන්නේද රිචර්ඩ්සන්ය.

Last modified on Wednesday, 23 September 2015 12:18