Sunday, 18 February 2018
ක්‍රීඩා 7ක් ප්‍ර‍සිද්ධ කරන්න සැණකෙළියක්

ක්‍රීඩා 7ක් ප්‍ර‍සිද්ධ කරන්න සැණකෙළියක්

මෙරට ක්‍රීඩකයන්ගේ කුසලතා වර්ධනය සදහා ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රීඩා ප්‍රදර්ශනයක් සහ සැණකෙළියක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වේ.

දෙස් විදෙස් ක්‍රීඩකයන් 8000ක සහභාගිත්වයෙන් ලබන 2017 වසරේ කොළඹ – ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට නියමිතව ඇත.

තෝරාගත් ක්‍රීඩා 7ක් ජාත්‍යන්තරය තුළ තවදුරටත් ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇතයි පැවසේ.

මීට අදාල මෙහෙයුම් කමිටුවක් පත්කිරීමට මෙන්ම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මැලේසියා සමාගමක් සමග අවබෝධතා ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.

ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඒ සදහා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

Last modified on Friday, 28 October 2016 08:02