Monday, 16 July 2018
කාන්තා ක්‍රිකට් හේමන්ත යටතට

කාන්තා ක්‍රිකට් හේමන්ත යටතට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය මහතා පත්කර තිබේ.

ඒ මහතා එංගලන්ත ක්‍රිකට් ආයතනයේ තුන්වැනි ශ්‍රේණියේ පුහුණුකරුවෙකු වෙයි.

පුහුණුකරු ක්ෂේත්‍රයේ වසර 15ක පමණ පළපුරුද්දක් ඇති හේමන්ත මහතා කොළඹ ක්‍රීඩා සමාජය, එන්.සී.සී, ෆින්ගාරා හා බ්ලූම්ෆීල්ඩ් යන කණ්ඩායම්හි පුහුණුකරු ලෙස කටයුතු කොට ඇත.

පිතිකරුවෙකු හා කඩුලු රකින්නෙකු ලෙස ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කොට තිබේ.

Last modified on Wednesday, 26 October 2016 13:06