Saturday, 23 June 2018
"ක්‍රිකට් ගිවිසුම සූදුවක් වගේ" - අර්ජුන

"ක්‍රිකට් ගිවිසුම සූදුවක් වගේ" - අර්ජුන

තරගයක් දින්නොත් වැඩිපුර සල්ලි ලැබෙනවා කියන ආකල්පය පාසල් දරුවන් අතරටත් යා හැකි බවත් අද මේ කරන්නේ ක්‍රීඩාව නෙවෙයි සූදුවක් යැයි වත්මන් වරාය සහ නාවික අමාත්‍ය හා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

එතුමා මේ බව කියා සිටියේ නව ක්‍රිකට් ගිවිසුම පිළිබද මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුමම ක්‍රීඩාවේ යහපතට හේතු නොවන බවද එම ගිවිසුම ක්‍රීඩාවේ අවශ්‍යතා සඳහා නොව ව්‍යාපාරික ක්‍රිකට් මණ්ඩලයන්හි අවශ්‍යතා මත සකස් වූවක් බවද ඒ මහතා පවසා ඇත.

“ක්‍රිකට් ගිවිසුම් හදනකොට ක්‍රීඩකයින් ආරක්ෂා වන විදියේ ගිවිසුම් හදන්න ඕන. ක්‍රීඩකයකුට කියනවා නම් තමන්ගේ රට නියෝජනය කරලා ටෙස්ට් තරගයක් දින්නම වැඩියෙන් මුදල් දෙනවා කියලා ඒක අනුමත කරන්න බැහැ. එතකොට ක්‍රීඩකයින් බලන්නේ රට නියෝජනය කරනවට වඩා තරග දිනලා සල්ලි හම්බ කරන්න.

අර්ජුන රණතුංග මහතාගේ හඩපටයට පහතින් සවන් දෙන්න.


Media

Last modified on Wednesday, 26 October 2016 07:49