Sunday, 23 September 2018
චාලි ඔස්ටින් කළමනාකරණය කරන ක්‍රීඩකයින්

චාලි ඔස්ටින් කළමනාකරණය කරන ක්‍රීඩකයින් Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ තවත් ජාතික මට්ටමේ ක්‍රීඩකයින් සත් දෙනෙකු කළමනාකරණය කිරීම චාලි ඔස්ටින් නමැත්තාට අයත් ඔස්ටින් මැනේජ්මන්ට් සමාගම විසින් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් තහවුරු කරයි.

අනෙක් ක්‍රීඩකයින් සත් දෙනා වන්නේ, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, රංගන හේරත්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, ධම්මික ප්‍රසාද් සහ සචිත්‍ර සේනානායක යි.

හිටපු ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර කළමනාකරණය කිරීම ද එම සමාගම හෝ ඔස්ටින් පෞද්ගලිකව හෝ සිදු කර ඇත.

ක්‍රීඩකයින් සඳහා ගෙවීම් ලබා ගැනීම හා ඔවුන්ට ක්‍රීඩා ගිවිසුම් ලබා ගැනීම කළමනාකරුවන් හරහා සිදු කෙරෙන්නේ, කළමනාකරුවන්ට ද ඉහළ ගෙවීමක් ලැබෙන ආකාරයටයි.

තමන්ගේ දක්ෂතා සලකා බලා ගෙවීමක් තීරණය කිරීමේ අවස්ථාව ක්‍රීඩකයින්ට ඉන් අහිමිව තිබෙන බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙයි.

පසුගියදා තිලකරත්න ඩිල්ෂාන් කියා සිටියේ, තමන් පෞද්ගලිකව අත්සන් කළ ක්‍රීඩා ගිවිසුමකට පවා කළමනාකරුවෙකු කොමිස් මුදලක් ඉල්ලා සිටි බවයි.

අදාළ පුවත්:

ක්‍රිකට් ක්‍රීඩකයෝ නටන්නේ චාලිගේ පදයට ?

Last modified on Monday, 24 October 2016 16:55