Saturday, 23 June 2018
ලයන් ලේඩි පිළිගැනීම කායවර්ධන සංගමය මඟහරියි !

ලයන් ලේඩි පිළිගැනීම කායවර්ධන සංගමය මඟහරියි ! Featured

ඇමරිකාවේ ෆොලොරිඩා ප්‍රාන්ත කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ බිකිනි අංශයේ අනු ශූරිය වූ සලමන් ආරච්චිගේ දිල්රුක්ෂි හෙවත් ලයන් ලේඩි යන විරුදාවලිය ලබන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව හෙට (23) පෙරවරු 8.30ට කටුනායක ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඇගේ පැමිණීම සම්බන්ධ ගුවන් ගමන් තොරතුරු පහත දැක්වේ.

LionLady01 600px 16 10 22

මේ දක්ෂතාව දක්වන ලද අදාළ ක්‍රීඩිකාව පිළිගැනීම මේවන විට ශ්‍රී ලංකා කායවර්ධන සංගමය විසින් සම්පූර්ණයෙන් මඟ හැර ඇති බව වාර්තා වේ.

ඇයව ගුවන් තොටුපලේ විශේෂ ආරාධිතයන් පැමිණෙන පර්යන්තයෙන් ලංකාවට කැඳවීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු සුදානම් කරද්දී ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ ලේකම් නිහාල් වීරතුංග හා විධායක කමිටු සාමාජික ප්‍රසන්න පීරිස් යන මහතාගේ විරෝධයක් හේතුවෙන් එය කඩාකප්පල්වී ඇති බව පැවසේ.

මේ ක්‍රීඩිකාව වසර 10ක පමණ කාලයක් ඇමරිකාවේ පදිංචිව සිට ඇතිබැවින් අදාළ නීතිමය කාරණා විසඳා ගැනීමෙන් පසුව ඇයව ගෞරවනීය ලෙස පිළිගැනීමට කටුතු කරන ලෙස අධිකරණ අමාතයංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන නීතීඥ දසුන් නාගස්හේන මහතා විසින් ලිඛිතව ක්‍රීඩා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සම්පත් දිසානායක මහතාට දන්වා ඇත.

ඊට අදාළ ලිපිය පහත දැක්වේ.

LionLady2 600px 16 10 22

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් මේ සම්බන්ධයෙන් කායවර්ධන සංගමයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ දිල්රුක්ෂි ලංකාවට පැමිණෙන බව තමා දැනගත්තේ අප කළ විසීමෙන් බවයි.

එතෙක් තමා මේ පිළිබඳව නොදන්නා බවද ඔහු කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.(හඬපටය)

මේ ක්‍රීඩිකාව මේවන විට ජාත්‍යන්තර මට්ටමේ තරග 5ක් ජයගෙන ඇති බවද වාර්තා වේ.

ඒ USA Florida npc Gainesville classic Mac bikini class තරගයේ දෙවැනි ස්ථානය, ෆ්ලොරිඩා හි පැවැති IFBB hurricane bay pro Tampa තරගාවලියේ පළමු පස්දෙනා අතරට පැමිණිම හා එහි වයස අවුරුදු තිහට වැඩි කොටසේ දැවැනි ස්ඨානයට පත්වීම හා එහි සමස්ථ තරගයේ තෙවැනි ස්ථානයට පත්වීම යන ඒවාය.

මේ තත්ත්වය හේතුවෙන් අගේ ඥාතීන් එක්ව ඇය පිළිගැනීමට විශේෂ උත්සවයක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇති බවත්, කෙසේවුවද කායවර්ධන බිකිනි තරග ලංකාවේ රජය තහනම්කර ඇති බව කියමින් එයද කඩාකප්පල් කිරීමට ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ ඇතැම් නිලධාරීන් උත්සාහ කර ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

දිල්රුක්ෂි තරගය ජයගත් අවස්ථාවේ ගත් ඡායාරූප

LionLady3 600px 16 10 22

LionLady4 600px 16 10 22

Last modified on Monday, 24 October 2016 17:04