Friday, 30 October 2020
ක්‍රිකට් ක්‍රීඩකයෝ ගිවිසුම් අත්සන් නොකර රටයන්න හදයි

ක්‍රිකට් ක්‍රීඩකයෝ ගිවිසුම් අත්සන් නොකර රටයන්න හදයි Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් නොතබා සිම්බාබ්වේ සංචාරයට එක්වීමට සැලැසුම්කර ඇතැයි ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ශ්‍රී ලංකාව දිනූ ඉකුත් පන්දුවාර විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගිවූයේද වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීමෙන් තොරවය.

ඒ එවරද, ක්‍රීඩකයන් අදාළ කොන්ත්‍රාත්තුවේ අඩුලුහුඩුකම් ඇති බව පෙන්වමින් එයට අත්සන් කිරීමෙන් වැලැකී සිටිම නිසාය.

කෙසේවුවද, මෙවර සිම්බාවේ සංචාරයට එක්වීමට පෙර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පිරිසක් ක්‍රීඩා අමාත්‍යවරයා මුණ ගැසීමට සැලැසුම් කර ඇති බවද වාර්තා වේ.

එහිදී ඔවුන්ට සිම්බාබ්වේ සංචාරයට එක්වීමට අවසර ලබාදෙන ලෙසත්, තමන් කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ඉල්ලීමට යන බව වාර්තා වේ.

ගිවිසුම් කාලය නිමයි

ගිවිසුම් අත්සන් කිරීමට ලබාදුන් කාලය අද (20) සවස 4.00න් පසු අවසන් වුවත් මේ දක්වා කිසිඳු ක්‍රීඩකයෙකු වාර්ෂික ක්‍රිකට් කොන්තරාතුවට අත්සන් කර නොමැති බවද වාර්තා වේ.

සිම්බාබ්වේ සංචාරයට දෙවැනි පිලක්

කෙසේවුවද, කිසිදු ක්‍රීඩකයෙකු වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් නොකරන්නේ නම් එළැඹෙන සිම්බාවේ සංචාරය සඳහා වෙනම කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් සැරසෙන බවටද මේ අතර වාර්තා පලවේ.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පැවති පැරණි ගිවිසුම් සඳහා අලුතින් එකතු කර ඇති කොන්දේසි කිහිපයක් නිසා ගිවිසුම් අත්සන් කිරීම ක්‍රීඩකයින් අදාළ ගිවිසුමට අත්සන් තැබීමට අදිමදි කිරීමට හේතුව වේ.

ගිවිසුම නියමයි….

මේ අතර, මධ්‍යස්ථ ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ අදාළ කොන්ත්‍රාත් ගිවිසුම ඉතා හොඳ එකක් බවයි.

එහෙත් යොවුන් සහ දේශිය කාණ්ඩයට අයත් ක්‍රීඩකයන් 70 ක් තේරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුගමනය කර ඇති ක්‍රියා පිළිවෙත ගැටලු සහගත බවයි.

ඔවුන් පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුරු දරණ තිදෙනෙකුගේ හිතුමතේට අදාළ තේරීම් සිදුව ඇති බවයි.

- තරිඳු

සබැඳ පුවත්
ක්‍රිකට් ක්‍රීඩකයෝ නටන්නේ චාලිගේ පදයට ?
ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු ගැන ඇමති පරීක්ෂණයක්

Last modified on Saturday, 22 October 2016 09:38