Saturday, 23 June 2018
ෆේස්බුක්, ට්විටර් IPL ගැන උනන්දුවෙන්

ෆේස්බුක්, ට්විටර් IPL ගැන උනන්දුවෙන්

ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) තරගාවලියේ මාධ්‍ය අයිතීන් සඳහා ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදී එහි ඇරයුම් ලබාගත් සමාගම් අතර ෆේස්බුක්, ට්විටර් හා ඇමේසන් යන සමාගම් ද සිටින බව වාර්තා වේ.

මේ සඳහා කැමැත්තක් දක්වන පාර්ශව විසින් IPL තරගාවලියේ වසර 2027 දක්වා ඉන්දීය උපමහද්වීපය තුළ රූපවාහිනී විකාශන අයිතීන්, වසර 2022 දක්වා ඉන්දීය උපමහද්වීපය තුළ විද්‍යුත් මාධ්‍ය ප්‍රකාශන / විකාශන අයිතීන් හා වසර 2022 දක්වා ලොව අනෙක් ප්‍රදේශ වල මාධ්‍ය අයිතීන් සඳහා ටෙන්ඩර් ලබාදීමට නියමිතය.

ටෙන්ඩර් කැඳවන අවසන් දිනය ඔක්තෝබර් 25දාය.

Last modified on Thursday, 20 October 2016 09:03