Wednesday, 13 November 2019
මිරර් හෙළිදරව්වෙන් කිත්රුවන්ට රමිතට වැඩවරදියි !

මිරර් හෙළිදරව්වෙන් කිත්රුවන්ට රමිතට වැඩවරදියි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන කිත්රුවන් විතානගේට හා රමිත රඹුක්වැල්ලට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ ඔවුන් දෙදෙනා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ඇතිකරගත් ගැටුමක් සම්බන්ධයෙනි.

විනය පරීක්ෂණය හේතුවෙන් මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ එළැඹෙන එංගලන්ත සංචාරයද අහිමිවෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කිත්රුවන් විතානගේ පිටියෙන් පිටත ගැටුම් ඇතිකරගැනීම පිළිබඳව ප්‍රසිද්ධියට පත්ව ඇති අතර රමිත රඹුක්වැල්ල යනු හිටපු අමාත්‍ය එසේම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයාය.

මොවුන්ගේ ගැටුම සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය ආයතන කිහිපයක්ම දැන සිටියද එය මුළින්ම හෙළිකරනු ලැබුවේ ශ්‍රී ලංකා මිරර් විසිනි.

සබැඳි පුවත්
කිත්රුවන් ආයිත් ලෙඩක් දාගෙන : රමිතත් කොණකට ගෑවිලා

Last modified on Thursday, 16 June 2016 07:11