Sunday, 26 September 2021
කිවියන් පැරදු සුද්දෝ අවසන් මහා සටනට

කිවියන් පැරදු සුද්දෝ අවසන් මහා සටනට

හයවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවදිල්ලිහි ෆෙරොෂ්ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ ඊයේ (30)දා රාත්‍රියේ පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන්  නවසීලන්ත කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කරඅවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 153 ක් රැස්කිරීමට සමත්විය. 

ඉදිරි පෙළ පිතිකරුවෝ පළමු  පන්දුවාර 10 යේදී ලකුණු 89 ක් රැස්කිරීමට සමත් වුවද මැද පෙළ සහ පසුපෙළ කිසිදු පිතිකරුවෙකු ලොකු ඉනිමක් ක්‍රීඩා කිරීමට අපොහොසත් වීමෙන් නවසීලන්ත ඉනිම ලකුණු 153 කට සීමාවිය.

එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන ජේසන් රෝයි සහ ඇලෙක්ස් හේල්ස් (20)වේගවත් ආරම්භයක් ලබා දෙමින් පන්දු 50 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් පත්වමින් ජයග්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් දැමූහ.

එංගලන්ත පිතිකරුවෝ ලකුණු 154 ක ජයග්‍රාහී ඉලක්කයපන්දුවාර 17.1 කදී කඩුලු03 ක් පමණ් දැවී සම්පූර්ණ කළහ.

එංගලන්තය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වේග ඔවුන් මීට පෙර බටහිර ඉන්දීය කොදෙව්හිදී 2010 වසරේ පැවැති තෙවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.

Last modified on Thursday, 31 March 2016 12:20