Friday, 30 October 2020
ලංකාව දෙවැනි පුහුණු තරගයත් පරදියි !

ලංකාව දෙවැනි පුහුණු තරගයත් පරදියි ! Featured

ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගිවූ දෙවැනි පුහුණු තරගයෙන්ද පාකිස්තානය හමුවේ ලකුණු 14ක පරාජයක් ලැබීය.

ඊයේ (14) කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් පිටියේ පැවැති මේ තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තානු පිල කඩුලු 5ක් දැවී ලබාදුන් ලකුණු 157ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට කඩුලු 09ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 142ක් පමණි.

ලකුණු පවුරුව

පාකිස්තානය (පන්දුවාර 20 කදී) 157/5

සාර්ජිල් ඛාන් 23 (21, 4x2, 6x2), අහමඩ් ශෙහසාද් 18 (19, 4x2), මොහොමඩ් හෆීස් 70* (49, 4x9, 6x1), සර්ෆාස් අහමඩ් 13 (14, 6x1), උමර් අක්මාල් 19 (15, 4x1, 6x1), සචිත්‍ර සේනානායක 1/27, රංගන හේරත් 1/24, දුෂ්මන්ත චමීර 1/33, තිසර පෙරේරා 2/21

ශ්‍රී ලංකාව (පන්දුවාර 20 කදී) 142/09

දිනේෂ් චන්දිමාල් 30 (21, 4x5, 6x1), ළහිරු තිරිමාන්න 45 (37, 4x4, 6x2) චාමර කපුගෙදර 14 (11, 4x1) , දසුන් ශානක 13 (10, 4x2), ඇන්ජලෝ මැතිව්ස් 10 (7, 4x1), සචිත්‍ර සේනානායක 10 (11, 4x1) ඉමාඩ් වසීම් 25/4 , මොහොමඩ් ඉර්ෆාන් 18/2