Sunday, 26 September 2021
දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිළේ පාකිස්තාන සංචාරයේ වෙනසක්

දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිළේ පාකිස්තාන සංචාරයේ වෙනසක්

සංචාරක ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පාකිස්තාන දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලියේ කාල සටහන එම ආයතනය විසින් වෙනස් කර ඇතැයි වාර්තා වේ.

අදාළ තරගාවලිය මාර්තු මස පැවැත්වීමට නියමිත වූ අතර එම මස විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම සහ පාකිස්තාන කාළගුණ කාර්යාලය විසින් නිකුත් කරන ලද වාර්තා වලට අනුව එම කාලය තුල වැසි සහිත කාළගුණයක් පැවතීම මෙයට හේතු වී තිබේ.

ඒ අනුව මාර්තු මස 10 වනදා සිට 20 වනදා තෙක් පැවැත්වීමට නියමිත වූ එම තරගාවලිය අප්‍රියෙල් මස 3 වනදා සිට 10 වනදා දක්වා පැවැත්වීමට නියමිත වේ.

එම තරගාවලිය විස්සයි20 තරග 3කින් සහ එක් දින තරග 3කින් සමන්විත වේ.

Last modified on Wednesday, 24 February 2016 08:34