Sunday, 26 September 2021
ශ්‍රී ලංකා යොවුන් පිලේ කුසලාන සිහිනය බිඳ වැටෙයි

ශ්‍රී ලංකා යොවුන් පිලේ කුසලාන සිහිනය බිඳ වැටෙයි

වසර 15කට පසුව අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගමාලාවේ අවසන් මහා තරගයට පිවිසිමේ ශ‍්‍රී ලංකා බලාපොරොත්තුව බිඳ දැමූ ඉන්දීය පිල ඊයේ (09) බංග්ලාදේශයේ මීර්පූර් නුවර පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 97ක ජයක් අත්කර ගත්තේය.

කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංකගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු 267 හඹා ගිය ශ‍්‍රී ලංකා පිල පන්දුවාර 42ග4කදී ලකුණු 170කට සියලු දෙනා දැවී ගියේය.

ශ‍්‍රී ලංකා පිලේ පළමු කඩුලු 3 ලකුණු 42කට බිඳ වැටුණත් කමිඳු මෙන්ඩිස් සහ උපනායක ෂම්මු අෂාන් එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 49ක සම්බන්ධතාවක් ගොඩ නගමින් ශ‍්‍රීලංකා ඉනිම ඉහළට ඔසවා තැබූ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 39කට දැවීයාමෙන් පසුව සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැතග

පළමුව පන්දුවට පහරදුන් ඉන්දිය ඉනිමේ මුල් කඩුලු දෙකම ලකුණු 27කදී දවාලීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සමත්වූවත් අන්මොල්ප්‍රීට් සිං සහ සර්ෆ්‍රාස් ඛාන් එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 96ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහග

ශ‍්‍රී ලංකා යොවුන් පිල අවසන් වරට අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගමාලාවේ අවසන් මහා තරගයට එක්වූ 2000 වසරේදී පරාජයට පත්වූයේ ද ඉන්දියාවට වීම විශේෂත්වයකි.

ඉන්දියාව - 267/9 (ඕවර 50) අන්මොල්ප්‍රිට් සිං 72, සර්ෆ්‍රාස් ඛාන් 59, වොෂින්ටන් සුන්දර් 43 (අසිත ප්‍රනාන්දු 43/4, ළහිරු කුමාර 50/2, තිලාන් නිමේෂ් 50/2)

ශ්‍රී ලංකාව - 170 (ඕවර 42.4) කමිඳු මෙන්ඩිස් 39, ෂම්මු අෂාන් 38, විෂාද් රන්දික 28, දමිත සිල්වා 24 ( මයාන්ක් ඩාගර් 21/3, අවේෂ් ඛාන් 41/2)

Last modified on Thursday, 11 February 2016 07:51