Friday, 30 October 2020
ලෝක කුසලානයට යන එක්දින පිල

ලෝක කුසලානයට යන එක්දින පිල

එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් එක්වන කණ්ඩායම නම්කිරීම හෙට (07) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම්වල අවසන් ක්‍රීඩකයන් 15 දෙනා ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය වෙත දැනුම්දීම ලබන 8 වැනිදාට කළ යුතුව තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට්  තරගාවලිය ලබන පෙබරවාරි 14 වැනිදා ආරම්භවීමට නියමිත අතර එය ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ පැවැත් වේ.

ලෝක කුසලානට සහභාගි වනු ඇතැයි අනුමාන කරන ශ්‍රී ලංකා ක්‍රීඩක සංයුතිය මෙසේය.

 මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්‌කාර, ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්‌, තිසර පෙරේරා, සුරංග ලක්‌මාල්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, රංගන හේරත්, සචිත්‍ර සේනානායක, ධම්මික ප්‍රසාද් හෝ ෂමින්ද එරංග

Last modified on Tuesday, 06 January 2015 22:05