Wednesday, 20 October 2021

Latest News

කෝප් කමිටු වාර්තාව මුද්‍රණයේ !

Wednesday, 26 October 2016 10:07

පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කිරීමට නොහැකි වූ ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන කෝප් වාර්තාවේ ඇතැම් කොටස් මේ වන විට පරිවර්තන හෝ මුද්‍රණ අවදියේ තිබෙන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසිය.

කුඩු රොෂාන් ඇතුළු 11ක් අත්අඩංගුවට

Wednesday, 26 October 2016 10:03

මට්ටක්කුලිය සමිත් පුරේ සිව් දෙනෙකු ඝාතනය කල බව කියන කුඩු රොෂාන් ඇතුළු එකොලොස්දෙනෙකු ඝාතනයට යොදා ගත් ආයුධද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසයි.

යාපනයේ 'ආවා' නිර්මාතෘ හමුදා නිලධාරියෙක් !

Wednesday, 26 October 2016 09:56

යාපනය තුළ 'ආවා' නමින් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන කල්ලිය, පසුගිය රජය වකවානුවේදී උතුරු ප්‍රදේශයේ කටයුතු කල හමුදා ප්‍රධානියකුගේ මෙහෙයවීම මත රහසිගතව ගොඩනගන ලද්දක් බව මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

කිළිනොච්චියේදී පොලිස් නිලධාරියකුට පහරදීලා (ඡායාරූප)

Wednesday, 26 October 2016 09:49

ඊයේ පස්වරුවේ කිළිනොච්චි නගරයේදී කිසියම් පිරිසක් විසින් පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් මුහුණට පහර දීම හා ඉන් අනතුරුව කිලිනොච්චි නගරය මධ්‍යයේ කිසියම් පිරිසක් ටයර් පුළුස්සා A 9 මාර්ගය ද අවහිර හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබිණ.

'බැඳුම්කර සිද්ධියට ජනපතිගෙන් නීතිමය පියවර'

Wednesday, 26 October 2016 09:31

බැඳුම්කර වංචාවක්‌ සිදුව ඇති බව ඉතා පැහැදිලි බවත් කෝප් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමෙන් පසු එම වංචාවට එරෙහිව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනිවාර්යයෙන්ම නීත්‍යානුකූල පියවර ගන්නා බවත් මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (25 දා) මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

බැසිල්, මෛත්‍රී විරෝධීන් කැඳවයි !

Wednesday, 26 October 2016 07:41

නව දේශපාලන පක්ෂයක් ගොඩනැගීම සඳහා වන මෙහෙයුම කිසිඳු ලෙසකින් අත් නොහරින බව අවධාරණය කර සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා පාර්ශවයෙන් ඉදිරිපත්වන යෝජනා ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් පමණක් නොව, රාජපක්ෂ පවුලේ සහෝදරයින් බේදභින්න කිරීමේ සැලසුමක් බව පෙන්වා දෙයි.

'නාමල්ට ඉහල තැනක් ! මෛත්‍රී විරුද්ධ වී නැහැ !!

Tuesday, 25 October 2016 19:10

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් යලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්කර ගැනීම සඳහා සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා විසින් මහින්ද පාර්ශවයට ඉදිරිපත් කල යෝජනාවට මේවනවිට නිල නොවන මට්ටමින් ප්‍රතිචාර ලැබී ඇතයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

'එජාප බයිස්කෝප් වා‍ර්තාව හොරු රැකීමටයි' - ජවිපෙ

Tuesday, 25 October 2016 19:23

''එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු උත්සහ කරන්නේ මහබැංකු ගණුදෙනුවේ හොරු රකින්නයි.. ඒක වතුර වගේ පැහැදිලි'' යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Popular News

ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි පැවසෙන යුද අපරාධ විමර්ශනය සඳහා…
2010 - ජනවාරි 25 වෙනිදා මින්නේරිය හමුදා කඳවුරෙන් ඉන්ධන ලබාගැනීම…
අතුරුදන් වූවන් සෙවීමේ ජනාධිපති කොමිසමේ කාලය තවත් වසරක් දිගු කළහොත්…
යාපනය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නගුලේෂ්වරන් සසිදරන් රුපියල්…