Saturday, 17 November 2018

Latest News

අගමැතිට හා හිටපු මහබැංකු අධිපතිට එරෙහිව පැමිණිල්ලක්

Monday, 31 October 2016 13:29

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට  පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ලසන්ත ඝාතන පරීක්ෂණය ඇනහිටින ලකුණු !

Monday, 31 October 2016 12:35

'සන්ඩේලීඩර්' පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රජයේ පාර්ශවයෙන් බලපෑම් එල්ලවීම නිසා එම විමර්ශන කටයුතු අතරමග නවතින තත්වයක් උදාවී ඇති බව වාර්තාවේ.

නියමකළ මිලට ඖෂධ අලෙවි නොකරන ඖෂධහල් වටලයි

Monday, 31 October 2016 12:27

ඖෂධ වර්ග 48 ක් සදහා රජය නියම කර තිබෙන උපරිම සහතික මිලට එම ඖෂධ ලබා නොදී කෘතිම ලෙස රටේ ඖෂධ හිගයක් ඇති කිරීමට බහුජාතික ඖෂධ සමාගම් රැසක් කටයුතු කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ අලුත් පෙරමුණට මහින්ද එන හැඩක්

Monday, 31 October 2016 12:19

ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස නොවැම්බර් මස 18 වැනිදා නිළ වශයෙන් එළි දැක්වීමට නියමිතය.

ආබාධිත රණවිරුවන් ලෝටස් පාර වසයි(ඡායා)

Monday, 31 October 2016 12:10

තම විශ්‍රාම වැටුප කපා හැරීමට විරෝධය පළ කරමින් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය නියෝජනය කළ විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.

සාධාරණය ඉල්ලා සාලාවේ ජනතාව අඛණ්ඩ සත්‍යග්‍රහයකට සැරසේ

Monday, 31 October 2016 11:10

සාලාව අවි ගබඩාව පිපිරීම නිසා සම්පූර්ණයෙන්ම නිවාස අහිමි වූ පවුල්වලට නිවාස සකස්කර ගන්නාතුරු ලබාදෙන  බවට පොරොන්දු වූ රුපියල් 50,000ක මුදල ලබාදීමත් අගෝස්තු මාසයේ සිට නවතා දමා තිබෙන බැවින් නොවැම්බර් මස 03 වන දින සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව සඳහන් කරයි.

බැඳුම්කර ගනුදෙනුව ගැන CID පරීක්ෂණයක් !

Monday, 31 October 2016 10:06

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ වංචාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා පරීක්ෂණයක් සිදුකළ යුතු බව පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

පලාලියේ අක්කර 454 ක් මුල් අයිතිකරුවන්ට

Monday, 31 October 2016 09:56

පලාලි තෙලිප්පලෙයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 454 ක් ඒවායේ මුල් අයිතිකරුවන් වෙත යළි ලබාදීම අද (31) සිදු කෙරේ.

Popular News

සේවකයන් ගේ මූලික අයිතීන් සුරැකීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ…
දුම්වැටි සඳහා ඉදිරියේ දී සියයට 15ක වැට් බදු පැනවූ පසු…
ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස තරංජිත් සිං සන්ඳු…
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වේලායුධන් දයානිදි නොහොත් දයා මාස්ටර්ට…