Saturday, 17 November 2018

Latest News

චතුරිකා, මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමක !

Saturday, 29 October 2016 08:59

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායට ස්වේච්ජා සේවකයින් බඳවා ගැනීමේ විශේෂ වැඩසටහනක් පොලොන්නරුව, බකමුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (28) ක්‍රියාත්මක වූ අතර එහි ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගිවී වුයේ, ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියයි.

පැන්ෂන් වයස 65 කිරීමට යයි !

Saturday, 29 October 2016 08:19

රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්‌වා දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

'දූෂිත ගනුදෙනුවේ සැලසුම්කරු අගමැතියි' - ජවිපෙ

Friday, 28 October 2016 21:28

දූෂිත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැලසුම්කරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවත්, කෝප් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම ආණ්ඩුව සතු බවත් ජනතා විමුක්ති පෙරමුණ පෙරමුණ පවසයි.

ඒකාබද්ධ විපක්ෂය කොමිසමක් ඉල්ලයි

Friday, 28 October 2016 21:20

කෝප් කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සුවිශේෂි කොමිසමක් පත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

විදුලියේ ජාතිය ගොඩනැගීමේ බද්ද මණ්ඩලය පිටට !

Friday, 28 October 2016 19:08

විදුලි ගාස්තු සදහා සියයට දෙකක (2%) ජාතිය ගොඩනැගීමේ බද්දක් අය කිරීමට තීරණය කෙරුණද එය පාරිභෝගිකයින්ගෙන් අය නොකරන බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.කේ. සෙනවිරත්න මහතා කියා සිටී.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 4ක් සඳුදා ලංකාවට

Friday, 28 October 2016 19:26

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු සිවුදින නිල සංචාරයක් සදහා ලබන සදුදා දිවයිනට පැමිණෙන බව යුරෝපා සංගමය නිකුත් කල නිවේදනයේ දැක්වේ.

'කෝප් වාර්තාව පාර්ලිමේන්තු ජයග්‍රහණයක්' - අගමැති

Friday, 28 October 2016 17:10

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් වාර්තාව නිකුත් කිරීම දක්වා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ ඇති යහපාලන රජයට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අර්ජුන්ට එරෙහිව නීති පියවර ගන්න - කෝප් වාර්තාව

Friday, 28 October 2016 17:06

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවට එහි හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෘජුව වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගතයුතු බව කෝප් කමිටුව නිර්දේශ කරයි.

කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේ අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව පැවැත්වූ විමර්ශනයේ වාර්තාව අද (ඔක්. 28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

සිය වාර්තාවෙහි නිගමන 15ක් ඇතුළත්වන බව කී සභාපතිවරයා පෙන්වා දුන්නේ, අදාළ ගනුදෙනුව හරහා මහ බැංකුව විශ්වාසය කඩකර ඇති බවය.

මේ අනුව, අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින් දණ්ඩනයකට යටත්කිරීම සදහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම හා සිදුවූ අලාභය අය කරගැනීමට පියවර ගැනීම උචිත බව වාර්තාවෙන් නිර්දේශකර ඇත.

වැඩිදුරටත් කතාකරමින් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දුන්නේ, මෙය තනි වාර්තාවක් ලෙස ඉදිරිපත්වුව ද, එහි බෙදීමක් ඇති බවය.

පාදක සටහන් සහිත වාර්තාව සඳහා 9 දෙනෙකු පක්ෂ වී ඇති අතර එසේ පක්ෂවූවෝ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු වූහ.

පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය:

පාදක සටහන් රහිත වාර්තාව සඳහා 16 දෙනෙකු පක්ෂ වී ඇති අතර ඊට කෝප් කමිටු සභාපතිවරයා මෙන් ම අමාත්‍ය රවුෆ් හකීම් මහතා ද අයත් වූහ.

මේ අනුව අදහස් දෙකක් මෙයින් පෙනෙන්නට ඇති බව පෙන්වා දෙමින් එම බෙදීම පිළිබඳව සාකච්ඡා කිරීමට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා උත්සාහ දැරුව ද එයට එකඟ නොවූ හකීම් අමාත්‍යවරයා, කමිටුව තුළ වූ සිදුවීම් සාකච්ඡා කිරීම පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය නොවන බව පෙන්වා දුණි.

කෙසේ වුව ද, කෝප් වාර්තාව මෙසේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිය දී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඊයේ (ඔක්.27) පාර්ලිමේන්තුව අමතමින් දන්වා සිටියේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා රටින් පිටව ගොස් ඇති බව ය.

අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍යවරයා, විවාහ මංගල්‍යයකට සහභාගිවීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති පෙන්වා දුණි.

(බිබිසි සංදේශය)

Popular News

සේවකයන් ගේ මූලික අයිතීන් සුරැකීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ…
දුම්වැටි සඳහා ඉදිරියේ දී සියයට 15ක වැට් බදු පැනවූ පසු…
ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස තරංජිත් සිං සන්ඳු…
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වේලායුධන් දයානිදි නොහොත් දයා මාස්ටර්ට…