Sunday, 26 September 2021
මිලියන 125 ක් ගත් බව කියූ රේගු තුන් දෙනාට ඇප

මිලියන 125 ක් ගත් බව කියූ රේගු තුන් දෙනාට ඇප

රුපියල් කෝටි 12.5ක අල්ලසක් ගත්තැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි රේගු අධිකාරිවරයා ඇතුළු නිලධාරින් තිදෙනා අධිකරණයෙන් ඇප මත නිදහස් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මොවුන් තිදෙනාට ඇප ලබා දී තිබේ.

අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් පවසා අැත්තේ සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකරන නමුත්, සැකකරුවන්ට ඇප ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බවයි.

ඒ අනුව එක් පුද්ගලයෙකුට මුදලින් රු. ලක්ෂය බැගින් හා ලක්ෂ 50 බැගින් ශරීර ඇප 3ක් මත තිදෙනා නිදහස් කරලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

එසේම ශරීර ඇප ලබාදෙන තිදෙනාගෙන් එක් අයෙකු රජයේ සේවකයෙකු විය යුතු බවත්, සැකකරුවන්ට විදේශ ගමන් තහනම් බවත්, සෑම මසකම අවසන් ඉරිදා දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කර තිබේ.

මෙම නඩුව යළි පෙබරවාරි මස 16 දින කැඳවීමට නියමිතය.