Sunday, 26 September 2021
LTTE සැකකරුවන්ග‍ේ නඩු විභාගයට විශේෂ මහාධිකරණයක්

LTTE සැකකරුවන්ග‍ේ නඩු විභාගයට විශේෂ මහාධිකරණයක්

අද දිනයේ සිට LTTE සැකකරුවන් සම්බන්ධව පවතින නඩු විභාගයට ගැනීම විශේෂ මහාධිකරණයක් යටතේ සිදුකිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ වෙනුවෙන් විශේෂ මහාධිකරණයක්ද පිහිටුවා තිබේ.ඒ අනුව කොළඹ 12 බී.එම්.සී. ගොඩනැගිල්ලේ ස්ථාපනය කර ඇති මහාධිකරණ ගොඩනැගිල්ලේ කොටි ත්‍රස්තවාදී සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩු විභාග කිරීමට නියමිතය.

එම නඩු විභාග කිරීම සඳහා මහාධිකරණ කොමසාරිස්වරියක් ලෙස අයිරාංගනී පෙරේරා මහත්මිය පත්කර ඇත.

ඇය වසර 31ක් විනිසුරුවරියක් ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවත් කොටි සැකකරුවන් සියදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.