Saturday, 17 November 2018
රාජ්‍ය බුද්ධි අංශයේ ලොකු පුටුව නිලන්තට

රාජ්‍ය බුද්ධි අංශයේ ලොකු පුටුව නිලන්තට

රාජ්‍ය බුද්ධි අංශයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ජී.නිලන්ත ජයවර්ධන මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මහජන සාමය, ආපදා කළමණාකරණ හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ අනුමැතිය යටතේ පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා විසින් මෙම පත් කිරිම සිදුකර තිබේ.

මොහු වසර 12කට අධික කාලයක් රාජ්‍ය බුද්ධි අංශයේ විවිෂ තනතුරු දරා ඇති අතර අතිරේක අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ජී.නිලන්ත ජයවර්ධන මහතා මීට පෙර කන්කසන්තුරේ කොට්ඨාශය බාර ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ලදී.

මොහු කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.