Monday, 16 July 2018
'ශ්‍රී පාද හෝටලය' මරේ දියඇල්ල අසල (ගූගල් සිතියම්)

'ශ්‍රී පාද හෝටලය' මරේ දියඇල්ල අසල (ගූගල් සිතියම්) Featured

ශ්‍රී පාද රක්ෂිතයේ සංචාරක හෝටලයක් ඉදිවන බවට පසුගිය දා සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වු ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දැඩි ලෙස කතාබහට ලක්ව ඇත.

ගූගල් සිතියම අනුව කළ සොයාබැලීමකදි එම හෝටලය ශ්‍රී පාද මළුවේ සිට කිලෝමිටර් හයක් එපිටින් වු මරේ දියඇල්ල ආසන්නයේ පෞද්ගලික ඉඩමක ඉදිකිරිමට සැලසුම් කර ඇති බව තහවුරුවන බව 'නෙත් නිව්ස්' වාර්තා කරයි.

එම හෝටලයට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට අයත්බවට ද වාර්තා වී තිබු අතර ඒ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ඊට තමාගේ කිසිඳු සම්බන්ධයක් නැතැයි ඔහු අවධාරණය කර සිටියේය.

 ෆයිසර් මුස්තාපා :

FaizerMustafa 600px 14 12 12


සෞදි ආයෝජකයකු විසින් ඉඳිකිරීමට සැලසුම් කර ඇති මෙම හෝටලයට ඇමති ෆයිසර් මුස්තාපා මහතා ද සම්බන්ධ බවට සමාජ වෙබ් අඩවි වාර්තා කර තිබිණ.

'ශ්‍රී ලංකා මිරර්' ඒ සම්බන්ධයෙන් කල විමසීමකදී  ඇමති ෆයිසර් මුස්තාපා මහතා පැවසුයේ එම ඉඩම සෞදියේ කුමාරයකු විසින් මිලදී ගත් පෞද්ගලික ඉඩමක් බවයි.

එම ස්ථානයේ මුස්ලිම් පල්ලියක් ඉඳිකිරීමට සැලසුම් කර ඇතැයි පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ද ඇමතිවරයා කියා සිටියේය.


ශ්‍රී පාද පුදබිමට අයිති නැහැ :

 

Dammadinna 600xp 16 10 29

කෙසේවුවද,  ශ්‍රී පාදස්ථානාධිපති සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසන්නේ, ශ්‍රී පාද පුදබිමට අයත් අක්කර 99 ක භූමිය තුළ කිසිදු සංචාරක හෝටලයක් හෝ නිවාඩු නිකේතනයක් ඉදිනොවන බවයි.

ඒ පිළිබඳව සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ ශ්‍රී පාදස්ථානයට පහළින් ඇති ප්‍රදේශයක පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරිම සඳහා අවසරගෙන ඉදිකිරීම් කිරීමට යන බව යැයි කී උන්වහන්සේ, එම ඉඩම සහ ශ්‍රී පාදස්ථානය අතර කිසිදු සබඳතාවක් නැතැයි පෙන්වා දුන්හ.

"හැමතැනම සිරිපාදේ නෙවෙයි නේ, මම දෙන්නෙකුට තුන්දෙනෙකුට කිව්වා එහෙනම් මස්කෙළිය නගරයත් ප්‍රශ්නයක් නේ කියලා" යැයි පැවසූ අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමි මහසෝන් කල්ලිය නම් වූ පිරිසක් මෙම අසත්‍ය තොරතුරු පතුරුවා හරින බව කීහ.

ශ්‍රීපාදස්ථානය ශ්‍රී ලංකිය සියලු ආගමිකයින්ගේ වැඳුම් පිදුම් ලබන අති පූජනිය ස්ථානයක් වන අතර,  එහි ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති.

 

 

map1

map2


සබැඳි පුවත්

ආගම්වාදී නොවන්න ! ශ්‍රී පාද රක්ෂිතය රැකගන්න එක්වෙන්න
ශ්‍රී පාද අඩවියේ හෝටලය පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයෙකුත්!
'ශ්‍රී පාද හෝටලය මගේ නෙමෙයි' - බැසිල් කියයි

Last modified on Tuesday, 01 November 2016 09:00