භාණ්ඩ හා සේවා 80කට වැඩි ප්රමාණයක් නව මෙම බදු සංශෝධනයෙන් නිදහස් කර ඇති නමුත්, දුරකතන, තැපැල් ගාස්තු ආදියට මෙම බද්ද ඇතුලත් වේ.
දුරකතන සේවා සදහා අලුත්තෙන්ම එකතුවන 15% ක වැට් බද්ද නිසා දුරකතන ගාස්තුවලින් 48% පමණ බදු ලෙස ගෙවීමට සිදු වෙනු ඇති බව වාර්තා වේ.
දුරකතන සන්නිවේදන සේවාවලදී වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්දට අමතරව සෙස් හා විදුලි සංදේශ බදු ද අය කෙරේ.
දුරකතන සන්නිවේදන සේවා සැපයීමේදී සෙස් බද්ද සියයට 2ක්, විදුලි සංදේශ බද්ද සියයට 25ක්, ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2ක් සහ එකතු කළ අගය මත බද්ද සියයට 15ක් ලෙස අය වන බවත් ඒ සඳහා අදාළ සූත්රයක් වන බවත් සඳහන්වේ.