එවැනි තත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සදහා අත්‍යවශ්‍ය සියලු ඖෂධ අවශ්‍ය ප්‍රමාණයට ගබඩා කරමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සීරුවෙන් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා පැවසීය.
රජය නියමකළ මිලට අදාල ඖෂධ වර්ග අලෙවි නොකරන සියලුම ඖෂධහල් වටලා ඒ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ කටයුතු මේ සතියේ සිට ආරම්භ කෙරෙන බව පැවසූ අනුර ජයවික්‍රම මහතා කිසිදු බහුජාතික ඖෂධ සමාගමකට යටත්ව ඖෂධ 48 ක් සදහා පැනවූ සහතික මිල සංශෝධනය නොකරන්නේ යැයි ද සදහන් කළේය.
-සුජිත් මංගල ද සිල්වා-